Nethe Kandulu (නෙතේ කඳුළු) - Chirath Weerasinghe, Miyuru Sangeeth | Cover
මට ලැබුනු සමහර ගීත තියෙනවා දුටු සැනින් තනුවක් සිතට එන.සමහරක් ගීතවල්ට තනු නිර්මාණය කරද්දි ටිකක් වෑයමින් කරන්න සිද්ධ වුනා. තවත් ඒවාට නැවත නැවත වෙනස් කරමින් තනු යෙදූ අවස්ථාත් තියෙනවා.
මේ අතරින් ආනන්ද අමරසිරි ලියූ "නෙතේ කදුලු පිස දමන්න" මා අතට පත්වූ සැණින් මගේ සිතට ආ මේ මධුර තනුව අදටත් මා විසින්ම රස විදින්නක්. එතුමන් රචනාකළ "සදාකාලික නොවූ ලෝකේ" ගීතයත් ඒ ඝණයට වැටෙනවා.
මගේ කණිටු පුත් චිරාත් "නෙතේ කදුලු" ගීතය Cover එකක් කරන්න ආසයි කීවාම මම හරි සතුටු වුනා.සුබ පැතුවා.තරුණ සංගීතවේදියෙකු වූ මියුරු සංගීත් ලවා මෙහි නව සංගීතරටාවන් නිර්මාණය කරගැනීම පිළිබඳවද මම ආශීර්වාද කළා.
Original Artist | Sunil Edirisinghe
Lyrics | Ananda Amarasiri
Melody & Music | Dr. Rohana Weerasinghe
Cover Vocals | Chirath Weerasinghe
Cover Arrangements & Voice Recorded | Miyuru Sangeeth @ RoW Music Studio
Mixed & Mastered | Sandaru Gamage @ Sage Studioz
DOP/Editor/ Colorist | Lashan Sanjeewa @ Art Part Factory
コメント