Loading...
「ツール」は右上に移動しました。
利用したサーバー: natural-voltaic-titanium
138いいね 6953回再生

ජීවිතයේ හොඳම හරිය | Jeewithaye Hodama Hariya (Lyrics) Chamara Weerasinghe

ජීවිතයේ හොදම හරිය
අවුල් වෙලා යද්දී
තමා අතට තම අතවත්
සෙවනක් නැති වෙද්දී
විරිත්තන්ඩ දහස් ගනන්
මග බලාන ඉද්දී
නුඹට සැපක් දෝ
මේ ඇස් කදුලින් තෙත් වෙද්දී

මල් නටුවට පිණිබිදුවක්
බර වැඩි නැති හින්දා
මල් රේනුව හිස නමාන
මේ ලෝකෙට වැන්දා
හින පොකුරු හිත පුරෝනා
අපි කසාද බැන්දා
මංගල රෑ එලිවෙනතුරු
නුඹ සමාව යැද්දා

ජීවිතයේ හොදම හරිය
අවුල් වෙලා යද්දී
තමා අතට තම අතවත්
සෙවනක් නැති වෙද්දී
විරිත්තන්ඩ දහස් ගනන්
මග බලාන ඉද්දී
නුඹට සැපක් දෝ
මේ ඇස් කදුලින් තෙත් වෙද්දී

මුළු ලෝකෙට හොද මූනක්
පෙන්නන්නට හන්දා
ඔබ වෙනුවෙන් මේ වෙනතුරු
අපමණ දුක් වින්දා
තව දුරටත් ඒ ගැන නම්
කියන්න බැරි හන්දා
ගැනියකට සමාව දී
රැවටුනාද මන්දා

ජීවිතයේ හොදම හරිය
අවුල් වෙලා යද්දී
තමා අතට තම අතවත්
සෙවනක් නැති වෙද්දී
විරිත්තන්ඩ දහස් ගනන්
මග බලාන ඉද්දී
නුඹට සැපක් දෝ
මේ ඇස් කදුලින් තෙත් වෙද්දී

コメント