Loading...
「ツール」は右上に移動しました。
利用したサーバー: wtserver1
27いいね 1,892 views回再生

යදමින් බැඳ විලංගුලා | Yadamin Banda (Lyrics) Nanda Malini

යදමින් බැඳ විලංගු ලා
ගායනය - විශාරද නන්දා මාලනී

යදමින් බැඳ විලංගු ලා
මගේ පුතා රැගෙන යන්
ඉදිකටු ඇන ඇඟිලි තලා
දෙතිස් වදය පමුනුවන්
අළුත් ලොවක් ගැන සිතීම
දඩුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරණය
නීතිය සහ විනිසුරන්

කකා බිබී නටන අතර
නරුම යහළු යෙහෙලියන්
පන්දු කෙලින අතර ඉහල
පාසල් වල අමනයන්
රටගිනි ගෙන ඇති වග දුටු
මගේ එකම පුතනුවන්
එගිනි නිවන මඟ සෙවීම
වරදක් දැයි මට කියන්

ගිනි ගන්නා රටක කෙලින
මී හරකුන් වැනි පුතුන්
කුමටද මට මහ විරුවෙකි
සිරගෙයි මල මගෙ පුතුන්
කෝටි ගණන් බිහිවේවා
මගෙ පුතු වැනි තව පුතුන්
කිරි මව්ලෙස මම ඉන්නම්
එවන් පුතුන් ලඟ උතුම්

コメント