Loading...
「ツール」は右上に移動しました。
利用したサーバー: natural-voltaic-titanium
208いいね 6734回再生

Yashodara(යශෝධරා) - Pradeepa Dharmadasa, Rohini Wickramasinghe | Official Video

Yashodara(යශෝධරා) - ‪@pradeepanirmalidharmadasa‬ , Rohini Wickramasinghe | Official Video

ගායනවේදිනී විශාරද ප්‍රදීපා ධර්මදාසයන් ගායන ක්ෂේත්‍රයට පිවිස මේ වනවිට ආසන්න වශයෙන් වසර 35ක් පමණ වුවද,එවන් කාල පරාසයක අනිකුත් ගායන ශිල්පිනීන්ට සාපේක්ෂව ඇය ගයා ඇත්තේ සංඛ්‍යාත්මකව ගීත අඩු ප්‍රමාණයක්.එම ගීත අතුරින් 80%ක්ම සංගීත නිර්මාණය කිර්‍ර්මේ භාග්‍යය මට ලැබීම ම්හත් සතුටට කරුණක්. ඒ සෑම ගීතයක්ම රසිකයන්ගේ හා ව්චාරකයන්ගේද ඉමහත් ඇගැයීමට පාත්‍ර වීමද සුවිශේෂතාවක්. ඇය තෝරාගන්නා තේමාවන් වෙනස්ය.අමුතුය.හරවත්ය.තමාට රුචි එවැනි ගීපද ලියන්නන් සොයා ඇය ඕනෑතරම් කල්බැලීමද සිරිතක්.මේ එසේ විමසුමෙන් සිටින ඇයට හමුවූ නවතම ප්‍රතිභාපූර්ණ රචිකාව වන රෝහිණී වික්‍රමසිංහගේ කුළුදුල් පදරචනාවයි.මේ අර්ථපූර්ණ පදවැලට මා මුසුකළ සංගීතයත් ප්‍රදීපාගෙ විශිෂ්ට ගායනයත් බන්ධුල නානායක්කාරවසම්ගේ රූ රචනයත් අපේ ආදරණීය රසික රසිකාවන්ගේ නොමද ආශ්වාදයට පාත්‍රවනු නොඅනුමානයි.


ගායනය | ප්‍රදීපා ධර්මදාස

සංගීතය | ආචාර්‍ය රෝහණ වීරසිංහ
ගේය පද | රෝහණී වික්‍රමසිංහ
නිර්මාණ දායකත්වය | ශ්‍රීනාත් වික්‍රමසිංහ
රූප රචනය | බන්ධුල නානායක්කාරවසම් ‪@bandulananayakkarawasam195‬

Track & Voice Recorded @ RoW Music Studio
Music Track by Sugath Hettiarachchi
Voice Recorded by Chirath Weerasinghe
Mixed & Mastered by Sandaru Gamage @ SAGE Studioz

ලේන කුලේ සිට පතිනිය වන්නට පැතුම් පතා
පාන සිනා තුළ සැඟවුනි කඳුළැල් භවය පුරා
හීන නොවූ තුම් පාරමි පිරුවා සසර සදා
පේන තුරා ඉකිබිඳ නොහඬා සිටි කුමරි සරා
යහන අරා තනිවී සිතුසේ හැඬුවා
ය...ශෝ...ධ...රා...


පවනක් හමයි සුපුරුදු සුවඳින් අවට
සිහිලක් දැනෙයි සිහිවී උණුහුම ගතට
පහසක් රැඳෙයි සිහිනෙන් නළලත රැයට
සුසුමක් නැඟෙයි කඳුළක් නොපෙනෙත ලයට


කිඳුරිය වෙමින් ළයදී හිමි සඳු නමට
දේවිය ලෙසින් මන්ද්‍රි, වෙසතුරු හිමිට
විවරණ ලබා සත්වග හැරලන පිනට
සැනසෙන්නෙමි හිමිසඳ බුදු වූ දිනට


#rohanaweerasinghe #pradeepadharmadasa

コメント