ගායනය - ළහිරු නෙළුම්දෙනිය
පද රචනය -Dr. අජන්තා රණසිංහ
සංගීතය - නිමල් ජයකොඩි මහතා
දොන් ජිං ජිං තරිකිට හඬට රබානේ - රන්වන් රන් රැඟුම් රඟමු ටිකිරි විමානේ
සල්පිල දා රෑක ගමේ කිඳුරු කතා නාඩගමේ - සඳකිඳුරා නැටූ නැටුම් නටමුද යාලු...//
අවුරුදු කාලේ පොඩි පොඩි යාලූ - එකමුතු වීලා වටතිර ඇදලා
ඇලඩින්ගේ... මන්තර පහනේ.. කතාව නටමු අපි ගමටම කියලා
ගෙජ්ජි ගිගිරි සද්දේ ඇහෙයි රබන් මැද්දේ - ගෙජ්ජි ගිගිරි සද්දේ ඇහෙයි රබන් මැද්දේ
අතුරු මිතුරු යාලු මිතුරු රඟමු සියල්ලා...
දොන් ජිං ජිං තරිකිට හඬට රබානේ - රන්වන් රන් රැඟුම් රඟමු ටිකිරි විමානේ
සල්පිල දා රෑක ගමේ කිඳුරු කතා නාඩගමේ - සඳකිඳුරා නැටූ නැටුම් නටමුද යාලු
තම්දෙන තානා.. සෙම්බු නලෝලා..- අපි එක්වීලා නටමු එරන් කලේයා
අපෙ ඉස්කෝලේ.. පුංචි එවුන්නේ.. -සෙල්ලම් ලෝකේ අද මෙන්න පෙනේයා...
සද්ද නගාලා දැන් ගීත ගයාපන්නේ - සද්ද නගාලා දැන් ගීත ගයාපන්නේ
අතුරු මිතුරු දඹදිවතුරු රඟමු සියල්ලා...
දොන් ජිං ජිං තරිකිට හඬට රබානේ - රන්වන් රන් රැඟුම් රඟමු ටිකිරි විමානේ
සල්පිල දා රෑක ගමේ කිඳුරු කතා නාඩගමේ - සඳකිඳුරා නැටූ නැටුම් නටමුද යාලු...//
コメント