Singer ~ Janaka Wickramasinghe
Lyrics ~ Rathna Sri Wijesinghe
Composer ~ H.M.Jayawardana
කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා
සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා
නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
තන තන තාන තම්දෙනා…
තන තන තාන තම්දෙනා…
දිලිසෙනා සේම කරළිය දිලෙන්නේ නැතී
වන්නමක් සේම සුමිහිරි තානමක් නැතී
සකියනි ගිරෙන් ගිරට පැන යන්නට ජීවිතෙන් බැරී...
සකියනි ගිරෙන් ගිරට පැන යන්නට ජීවිතෙන් බැරී...
කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා
සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා
නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
තන තන තාන තම්දෙනා…
තන තන තාන තම්දෙනා…
රඟ බිමෙන් බහින විට ගෙයි සන්තකව ඇතී
නළල්පට මාල හත්පට සින්න වී ඇතී
සකියනි රිදී කාසි සොලවන්නට බෙර පදය මදී…
සකියනි රිදී කාසි සොලවන්නට බෙර පදය මදී…
කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා
සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා
නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
තන තන තාන තම්දෙනා…
තන තන තාන තම්දෙනා…
コメント