ක්ලැරන්ස් විජේවර්ධන | Clarence Wijewardhana
අඳුර ඉරා සඳ නිදි මේලාවේ
පබලු වළා විහිරුනු වේලාවේ
අඳුර පුරා අමරස වෑහීලා
බිඳුනු සෙනේ කඳුලැලි පාවීලා
කටුක ලොවේ ඝනදුරු සීමාවේ
සතුට රැඳේ මතු මත් මායාවේ
මනස නිවේ සැනසෙන හෝරාවේ
දසත නැගී හසරැල් ගී රාවේ
සොඳුරු රැයේ බොඳවුනු චායාවේ
එලිය නිවී ඇගෙ රූ සේයාවේ
දැහැල බැඳී සිතුවිලි මායාවේ
කැකුලු පිපී මදහස රේඛාවේ
コメント